මදැයි ලයිසන් එක expire වෙලා .
ඔන්න අද කියන්න යන්නේ අපිට වැදගත් දෙයක්. ඩ්‍රයිවින් ලයිසන් තියෙනවා නම් බොහෝ දුරට මේ වෙද්දී ඔයාලගේ ලයිසන් එක කල් ඉකුත් වෙලා ඇති.එහෙනම් ඔන්න හදාගන්න හැටි තමයි අද කියලා දෙන්නේ.
මුලින්ම ලයිසන් එක අලුත් කරගද්දී ඔයාලා මෙඩිකල් එක ගන්න ඕනා. ඉස්සර වගේ ගන්න බෑ. ඒකට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට යන්න ඕනා. හැම පලාතකටම ශාඛාවක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඔයාලාට ලගම තැනින් ගන්න පුළුවන්. ඔයාලාට කරන්න තියෙන්නෙ ඔයාලාගෙ ෆෝන් එකට රුපියල් 1000 රී ලෝඩ් කරලා 225 කෝල් කරන්න (e channeling) . ඒ හරහා ඔයාට දිනයක් දෙයි. අනිවාර්යයෙන්ම ඔයාගේ දැනට තියෙන ලයිසන් එක ,ඔයාගේ ජාතික හැදුනුම්පත ,ඒ වගේම ඔයාලාට e channeling වලින් ලැබෙන sms එක අරගෙන යන්න.
මේ දවස් වල රටේ තියෙන ප්‍රශ්නේ හින්දා ඔයාලට අවශ්‍ය වෙලාවට ගිහින් කරන්න බෑ. ඒකට එයාලා පැය බාගෙක time slot එකක් දෙනවා. ඒ වගේම appointment number එකකුත් දෙනවා. ඒ වෙලාවටම ගියානම් රස්තියාදු වෙන්න ඕනා නෑ.
උදාහරණයක් විදියට මම e channeling වලට කෝල් කලේ දෙසැම්බර් 25. එතනදි මට appointment එක ලැබුනේ ජනවාරි 8 වෙනිදාට. මගේ නම්බර් එක 2. උදේ 8.05 වෙලාව තිබ්බේ. මම යද්දි 8.20 වගේ. ඒත් ඇතුලට යන්න ලැබුනා time slot එක ඇතුලේ නිසා.
මුලින්ම ඔයාලට ටෝකන් එකක් දෙනවා. ඒකේ ඔයාලාගෙ උස බර ලියලා දෙනවා. ඒක අරගෙන ඔයාව මුලින්ම යවන්නේ තොරතුරු ගන්න. එතනදි ඔයාගේ ID එක , license එක ඒ වගේම උස බර ලියලා දුන්න ටෝකන් එක එයාලා ගන්නවා. එතනින් ඔයාව යවන්නේ payment කරන්න. එතනින් ඔයාගේ ටෝකන් එක අරගෙන ඔයාට payment receipt එකක් දෙනවා. ඊලඟට ඔයාව යවන්නේ blood check කරන්න. එතනදි ඔයාගේ ලේ වර්ගය බලනවා. ඊලඟට යවනවා ඔයාව ඩොක්ටර් කෙනෙක් ලගට . එතනදි ශරීර යෝග්‍යතාව බලනවා. පොඩි එක්සසයිස් ටිකක් කරවනවා ඒ වගේම කන් ඇසීම, ඇස් පෙනීම check කරනවා. එතනින් මෙඩිකල් එකේ වැඩ ඉවරයි . වෙනම ඉදගන්න තැනක් තියෙනවා එතනින් විනාඩි 5ක් ඉදගෙන ඉද්දී ඔයාට මෙඩිකල් එක ගෙනත් දෙනවා. තොරතුරු හරියට තියෙනවාද බලන්න. වැරදි තියෙනවා නම් කියලා හදගන්න. නැත්නම් මෙඩිකල් එක අත්සන් කරන්න . එතනින් වැඩේ ඉවරයි. මේ හැමදේටම මට ගියේ විනාඩි 25ක් විතරයි.
ඊලඟට වැඩේ තමයි Document බාර දෙන එක. නැත්තන් ලයිසන් එක හදාගන්න එක. අමාරුම වැඩෙත් ඒක තමයි. හරියටම කිව්වොත් සූර පප්පා කාටූන් එකේ වැඩ 12 එන ආණ්ඩුවේ කන්තෝරුවෙන් 838 අවසර පත්‍රය ගන්නවා වගේ වැඩක්. 😂
මුලින්ම ඔයා අයිති දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කතා කරලා DTM අංශයේ number එක ගන්න. එතනින් ඔයාට ආයෙත් appointment එකක් ගන්න පුළුවන්. ඒත් ඔයාට මෙඩිකල් එක ගන්න දවසෙම මේක කරන්න බෑ. මට ලැබුනේ ජනවාරි 22 ,හරියටම සති දෙකකින්. එදාටත් වෙලාවක් වගේම අංකයක් දෙනවා. පොඩ්ඩක් උදෙන්ම යන්න බලන්න. එතකොට ලේසී. අනිවාර්යයෙන්ම යද්දී මෙඩිකල් එක , ජාතික හැදුනුම්පත වගේම ලයිසන් එක අරන් යන්න අමතක කරන්න එපා.
මුලින්ම security එකෙන් ආපූ හේතුව කියලා ඔයාට ඇතුලට යන්න පුළුවන්. එතනින් ආපු පිලිවලට ඔයාව ඇතුලට ගන්නවා. එතනදි ඔයාගෙ ID එක බලලා ලිස්ට් එකත් බලලා තමයි ගන්නේ. ඔන්න දැන් තමයි පටන් ගන්නේ .
මුලින්ම ඔයාගේ තොරතුරු අරගෙන එතනින් ඔයාව යවනවා බැංකුවට. ඔව් බැංකුවට. ලංකා බැංකූ ශාඛාවක් හදලා තියෙනවා ඇතුලෙම. හැබැයි ගම්පහ නම් තියෙන්නේ ලඟ පාතක නෙමෙයි. ඒ වගේම තියෙන තැන එයාලා කියන විදියට හොයාගන්න බෑ. ඊටත් වැඩිය එතන ඉන්න කට්ටියගෙන් දෙයක් අහගන්න ගියාම මාර විදිහට තද වෙන්නේ. ඒ වගේම එතන දාලා තියෙන notice ගොඩක් පරණයි. සමහර තොරතුරු වැරදියි. ලංකා බැංකුව තියෙන්නේ දිස්තික් ලේකම් පරිශ්‍රයේ වුනත් ටිකක් ඇතින්.
උදාහරණයක් කිව්වොත් එතන ලයිසන් එක අලුත් කරන අය වගේම අලුතෙන් ලයිසන් ගන්න අයත් ඉන්නවා. එතන වැඩ කරන අය කියන්නෙ සල්ලී ගෙවලා 3 දේශන ශාලාවට යන්න කියලා. අපි ගිහින් ටික වෙලාවක් ඉදගෙන හිටියා. කවුරුත් කතා කරන්නෙ නෑ. පස්සේ හොයලා බලද්දී තමයි දන්නේ එතනට යන්නෙ අලුතෙන් ලයිසන් ගන්න අය කියලා.
එතනින් ආයෙත් ගියා මුලින්ම ගිය බිල්ඩින් එකටම 4 කාමරේ . එතනදි කරන්නේ photo එකයි fingerprints ගන්න එක. එතනින් ආයෙත් පෝලිමට යවනවා 5 කාමරේට. ඔයාගේ ලයිසන් එක , ID එක ඒ වගේම මෙඩිකල් එක මේ හැමදේම scan කරනවා. ඒ වගේම පරණ ලයිසන් එක punch කරනවා. Punch කරන එක අපිමයි කරගන්න ඕනා. සමහර විට කොරෝනා නිසා වෙන්න ඇති. ඔන්න එතනින් යවනවා ඒ ඔක්කොම ආයෙත් අරගෙන පහල තට්ටුවට. එතනින් ඔයාගේ සල්ලි ගෙවපු receipt එකයි පරණ ලයිසන් එක අරගෙන ඔයාට දෙනවා temporary permit එකක් වගේම ඔයාගේ punch කරපු ලයිසන් එක. එතනින් වැඩේ ඉවරයි .අලුත් ලයිසන් එක ඔයාගේ ගෙදරටම ලැබෙයි. මේ හැමදේටම මට ගියා පැය දෙකක් වගේ.
සමහර විට වෙන ශාඛා වල , වෙලාව වගේම රස්තියාදුව අඩු වැඩි වෙන්න පුළුවන්.මම කියන්නෙ ගම්පහ ගැන.
සමහර දේවල් තවම වෙනස් වෙලා නෑ.
- දෙයක් අහලා දැනගන්න බෑ.
- කට්ටියගේ පෞද්ගලික වැඩ ඒ අස්සෙත් කරනවා
- කෝල් එකක් ආවොත් එයාලගේ කෝල් එක ඉවර වෙනක්න් අපි බලාගෙන ඉන්න ඕනා. (අත්‍යවශ්‍ය කෝල් එකක් නෙමෙයි. ඒක තනිකරම ඕපාදූප කතා කලේ)
- හරියට යන්න ඕන තැන් mark කරලා නෑ.
- වැඩිහිටි අයට කතා කරන්න දන්නේ නෑ.
- විශේෂම දේ මේ දවස් වල කතා කරන සමාජ දුරස්ථභාවය නම් ඇත්තේම නෑ. කට්ටිය ඉඳගන්න ඕනා එක ලඟ. ඒ වගේම fingerprint scanner එක sign කරන පෑන sanitize කරන්නේ නම් නෑ. ( පුළුවන් තරම් තමන් පරිස්සමෙන් වැඩ ටික කරන්න . ඒ වගේම sanitizer එකක් , පෑනක් අරගෙන යන්න )
එහෙනම් පරිස්සමෙන් වැඩ ටික කරගන්න.

Comments
Post a Comment